මදුරා කණගාටුව පළ කරයි.
2012 අගෝස්තු 03 සිකුරාදා- පස්වරු 06:52
මෙවර ලන්ඩන් ඔලිම්පික් සමාරම්භක උළෙලේදී ඉන්දීය කණ්ඩායම් සමග ක‍්‍රීඩාංගණය වටා ගමන් ගත් ක‍්‍රීඩිකාවක නොවන කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කර තිබෙනවා. ඉන්දියානු කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හැඳ සිටි ඇඳුම්වල වර්ණයට හාත්පසින් වෙනස් රතු වර්ණයෙන් සැරසී සිටි එම කාන්තාව කියා සිටින්නේ තමන් ආගන්තුක තැනැත්තියක නොවන අතර සන්දර්ශන කණ්ඩායමේ සාමාජිකාවක බවයි. වැරදි තීරණයක් නිසා තමා ඉන්දීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකා කණ්ඩායම සමග ක‍්‍රීඩාංගණය වටා ආචාර පෙළපාලියට එක්වූ බව මදුරා නාගේන්ද්‍ර නැමති එම කාන්තාව ඉන්දීය මාධ්‍ය වෙත අද ප‍්‍රකාශ කර තිබෙනවා. ඉන්දීය ජාතික ඔලිම්පික් කණ්ඩායම සමග ඇය ආචාර පෙළපාලියට එක්වීම පිළිබඳව ඉන්දියානුවන් වෙතින් දැඩි විරෝධයක් පළවුණා.
මේ අතර සෞදි අරාබිය වෙනුවෙන් ඔලිම්පික් තරඟාවලියකට සහභාගි වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක්වන වොජ්ඩාන් ෂහර්ඛානි අද තමන් සහභාගිවූ ජූඩෝ ඉසව්වේ පළමු වටයේ තරඟයකදී පරාජයට පත්වුණා.
