ශකීබ්ට එස්.එල්.පී.එල්. අහිමිවෙයි.
2012 අගෝස්තු 03 සිකුරාදා- පස්වරු 06:54
අන්තර්ජාතික ක‍්‍රිකට් සම්මේලන එක්දින දර්ශකයේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ලොව අංක එකේ ක‍්‍රීඩකයා වන බංග්ලාදේශ පිලේ ශකීබ් අල් හසන් ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් 20 - 20 ක‍්‍රිකට් තරඟාවලියට සහභාගි නොවන බව වාර්තාවනවා. දණහිසේ ආබාධයකට ලක්ව සිටින ඔහුට සැප්තැම්බරයේ පැවැත්වෙන 20 - 20 ලෝක තරඟාවලියට පෙර විවේකයක් අවශ්‍ය බවයි බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය දැනුම්දී ඇත්තේ. ශකීබ් අල් හසන් එස්.එල්. පී.එල්. තරඟාවලියේ උතුර රුද්‍රාස් කණ්ඩායම වෙනුවෙන් නම් කර සිටි විදේශීය ක‍්‍රීඩකයෙක්.
