පේරු හමුදාව මරිජුවානා වනසයි.
2012 අගෝස්තු 04 සෙනසුරාදා- පස්වරු 01:17
දකුණු ඇමෙරිකානු පේරු රාජ්‍යය ටොන් 50 ක පමණ මරිජුවානා මත්ද්‍රව්‍ය තොගයක් ගිනි තබා විනාශ කර තිබෙනවා. එමෙන්ම, පේරු පොලිසිය සහ හමුදාව දින 5 ක් තිස්සේ සිදුකල මෙහෙයුම්වලදී මරිජුවානා පැළ දෙලක්ෂ හත්දහසක් පමණ විනාශ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය ප‍්‍රකාශ කරන පරිදි ලොව ප‍්‍රධානතම මත්ද්‍රව්‍ය නිෂ්පාදකයා වනුයේ පේරු රාජ්‍යයි. පසුගිය වසර පුරා විනාශ කෙරුණු මරිජුවානා මත්ද්‍රව්‍ය මෙන් 17 ගුණයක් පසුගියදා සිදුකල මෙහෙයුම්වලදී විනාශ කළ බවයි පේරු පොලිසිය සඳහන් කළේ. වනාන්තර ප‍්‍රදේශයක අක්කර 85 ක මරිජුවානා වගාවක් ද ඊට ඇතුළත්.
