මෙරට කාන්තාවන්ගෙන් 47 % ක් මව්කිරි නොදෙන බවට තොරතුරු.
2012 අගෝස්තු 05 ඉරිදා- පෙරවරු 11:31
මෙරට කාන්තාවන්ගෙන් සියයට 47 ක් මව්කිරි දීමේ ක‍්‍රියාවලිය නිවැරදි ලෙස අනුගමනය නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මව්වරුන්ගෙන් සියයට 93 ක් දරුවෙකු ඉපදී වසර 2 ක් යනතුරු මව්කිරි සමග අමතර ආහාර ලබාදෙන බවයි. එමෙන්ම සියයට 53 ක් කාන්තාවන් මාස 6 ක් යනතුරු මව්කිරි සමග අමතර ආහාර ලබාදෙනවා. සෑම වසරකම අගෝස්තු මස 1 වැනිදා සිටි 7 වැනිදා දක්වා ජාතික මව්කිරි දීමේ සතිය ක‍්‍රියාත්මකයි. මේ වසරේ එය සමරන්නේ එහි 20 වැනි සංවත්සරයත් සමගින්.
