තරඟ පරාජයට ශ‍්‍රී ලංකාව කරුණු පහදයි.
2012 අගෝස්තු 05 ඉරිදා- පස්වරු 12:52
ශ‍්‍රී ලංකාව පරදවා ඊයේ ලද එක්දින තරඟාවලි ජයග‍්‍රහණයත් සමග ඉන්දියාව ජාත්‍යන්තර ක‍්‍රිකට් සම්මේලන එක්දින කණ්ඩායම් දර්ශකයේ දෙවන ස්ථානයට පත්වී තිබෙනවා. ඕස්ටේ‍්‍රිලියාව සමග ඉන්දියාවටද එහිදී ප‍්‍රසාද ලකුණු 119 ක් හිමිවනවා. 3 වන ස්ථානයේ රැඳී සිටින්නේ දකුණු අප‍්‍රිකාවයි.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩංගණයේ ඊයේ (04) පැවති පස්වන එක්දින තරඟය ශ‍්‍රී ලංකාව පරාජයට පත්වුනේ ලකුණු 20 කින්. කණ්ඩායමේ ප‍්‍රධානතම පිතිකරුවන් දෙදෙනා වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන නොමැතිව ක‍්‍රිඩා කළ ශ‍්‍රී ලංකා පිලේ අනෙක් පළපුරුදු පිතිකරු වන ටී.එම්. දිල්ෂාන් දෙවන පන්දු වාරයේදීම දැවී ගියා. එහෙත් නායකයෙකු ලෙස සිය පළමු එක්දින ජාත්‍යන්තර තරඟයට සහභාගි වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ යොවුන් පිතිකරු කණ්ඩායම ඉන්දියාව ලබාදුන් ලකුණු 295 ක ඉලක්කය සමීපයටම පැමිණියා. ළහිරු තිරිමාන්න සහ ජීවන් මෙන්ඩිස් එහිදී සිය හොඳම එක් දින ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීම මෙහිදී කැපී පෙනෙනෙවා. තරඟයේ අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ අවසන් තරඟයේ ප‍්‍රතිඵලය පිළිබඳව සෑහීමකට පත්විය හැකි බවයි.
තමන්ගේ පිතිකරන ස්ථානයේ වෙනසක් අවශ්‍ය බවද ඇන්ජලෝ මැතිව්ස් එම මාධ්‍ය හමුවේදී කියා සිටියා.
