හලාවත රෝහලේ සේවකයන් දෙපිරිසක් අතර ගැටුමක්.
2012 අගෝස්තු 05 ඉරිදා- පස්වරු 03:25
හලාවත දිස්ත‍්‍රික් රෝහලේ අද (05) පස්වරුවේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වුණා. රෝහලේ පවිත‍්‍ර කරන්නන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ. ගැටුමෙන් රෝහලට පැමිණි රථ වාහන කිහිපයකට අලාභ හානි ඇතිවී ඇති බවයි හිරු වාර්තාකරුවන් ප‍්‍රකාශ කළේ. ගැටුමට මුල් වී ඇත්තේ රෝහලේ පවිත‍්‍රතා අංශයේ මීට පෙර සේවය කළ පුද්ගලයින් 45 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමයි. ඉවත් කරන ලද සේවකයන් වෙනුවෙන් නවක සේවකයන් රැගත් බස් රථය අද පස්වරුවේ රෝහල් භූමිය වෙත පැමිණෙන අවස්ථාවේදියි පැරණි සේවකයින් විසින් ඔවුන්ට පහර දී ඇත්තේ. මේ වන විට ගැටුම පාලනය කර ඇති අතර බව හලාවත පොලීසිය සඳහන් කළා.



