බහුදින යාත‍්‍රාවලට ගංජා සැපයූ පුද්ගලයෙකු අල්ලයි.
2012 අගෝස්තු 06 සඳුදා- පෙරවරු 10:08
දකුණු මුහුදු තීරයේ බහුදින යාත‍්‍රා සඳහා ගංජා සැපයූ පුද්ගලයෙකු මාතර ඳුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර - හත්තොට ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහු යුධ හමුදාවෙන් පැනගිය සෙබලෙකු බව සඳහන්. මෙම පුද්ගලයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ බහුදින යාත‍්‍රා සඳහා මෙලෙස ගංජා සපයා ඇති බවටයි දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ. සැකකරු අද මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
