ජලය ඉල්ලා අඟුණකොලපැලැස්සේ ගොවි උද්ඝෝෂණයක්.
2012 අගෝස්තු 06 සඳුදා- පස්වරු 12:46
චන්ද්‍රිකා වැවෙහි වාන් දොරටු විවෘත කර වගා කටයුතු සඳහා ජලය ලබා දෙන ලෙස ඉල්ලා අඟුණකොලපැලැස්ස ප‍්‍රදේශයේ ගොවීන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයේ නිරත වුණා. අඟුණකොලපැලැස්ස - මොරවැසිහේන මහවැලි කොට්ඨාශ කාර්යාලය ඉදිරිපිට පැවති එම විරෝධතාවය හේතුවෙන් අඟුණකොලපැලැස්ස - ඇඹිලිපිටිය ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය ද බාධා සිදුවූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. විරෝධතාවය අතරතුර හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ගොවීන් කිහිපදෙනෙක්.
කෙසේ වෙතත්, විරෝධතාවය පැවැත්වූ ස්ථානයට මහවැලි අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් පැමිණියා. කඩිනමින් වාන්දොරටු විවෘත කර ගොවීන්ට අවශ්‍ය ජලය සපයන බවට ඔවුන් ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව විරෝධතාවයේ නිරත වූ ගොවීන් විසිරගිය බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.
