බි‍්‍රතාන්‍යය ජාතික ගුවන් සේවය යළි ශ‍්‍රී ලංකාවට.
2012 අගෝස්තු 06 සඳුදා- පස්වරු 12:50
වසර 10 කට පසු බි‍්‍රතාන්‍යයේ ජාතික ගුවන් සේවය ශ‍්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹීමට තීරණය කර තිබෙනවා. එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ එළඹෙන මාර්තු මාසයේ සිට එම ගුවන් සමාගම ශ‍්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරන බවයි. කොළඹ දක්වා සතියකට ගුවන් වාර 3 ක් කි‍්‍රයාත්මක කිරීමට මොවුන් සැලසුම් කර තිබෙනවා. මාලදිවයින හරහා කොළඹ දක්වා පැමිණීමටයි මෙම ගුවන් සමාගම තීරණය කර ඇත්තේ. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ලන්ඩනය දක්වා සතියකට ගුවන් ගමන් වාර 7 ක් කි‍්‍රයාත්මක කරනවා.
