ඇමති එස්.බී.ගේ පොත් ලිව්වේ මමයි. - තීනියාවල පාලිත හිමි.
2012 අගෝස්තු 06 සඳුදා- පස්වරු 06:45
මෙරට නිදහස් අධ්‍යාපනය ඉතිහාසයේ පළමු වතාවට දැවැන්ත තර්ජනයකට ලක්ව ඇති බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසනවා. විපක්ෂ නායකවරයා මේබව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (06) පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දැනට පැන නැගී ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත‍්‍රය සම්බන්ධ විශේෂඥයින්, වෘත්තීයවේදීන්, ශිෂ්‍ය සංවිධාන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් එම සාකච්ඡාවට එක්ව සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ.
මේ අවස්ථාවට එක්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කියා සිටියේ වර්තමානය තුළ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි.
ඉසෙඞ් ලකුණු බැහැර කරමින් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සියලූ දෙනාට විශ්වවිද්‍යාල වරම් ලබාදෙන ලෙසයි මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් කියා සිටියේ.
