කපුගෙදර, මහේලට ප‍්‍රශ්නයක් නෙමෙයි.
2012 අගෝස්තු 06 සඳුදා- පස්වරු 06:58
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ශ‍්‍රී ලංකාව සහභාගි වන අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය පල්ලෙකැළේ දී හෙට (07) පැවැත්වෙනවා. එක්දින තරගාවලිය 4ට එකක් ලෙස ජය ගත් ඉන්දීය පිළ මෙම තරගයේ දී ද සිය අණසක පැතිරවීමට උත්සාහ කරනු ඇති. එහෙත් පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ ක‍්‍රීඩාගාරයේ අද (06) පැවැති මාධ්‍ය හමුවේ දී ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කියා සිටියේ සිය කණ්ඩායමේ යොවුන් ක‍්‍රීඩකයින් පිළිබද තවදුරටත් විශ්වාසය තබන බවයි.
ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වීමට දිගින් දිගටම අපොහොසත් වූ චාමර කපුගෙදර විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කිරීම පිළිබදව ශ‍්‍රී ලංකා නායකයා වෙත මෙහිදී ප‍්‍රශ්නයක් යොමු වුණා.
