වැලිගොඩ දැමීම ගැන අම්පාරේ අවුලක්.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
උතුරේ ජන්දය ගැන ආණ්ඩුව තුළ මත ගැටුම්.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-20
වැලිගොඩ දැමීම ගැන අම්පාරේ අවුලක්.
2012 අගෝස්තු 06 සඳුදා- පස්වරු 07:08

අම්පාර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්ඔය ප‍්‍රදේශය ආශ‍්‍රිතව බලපත‍්‍ර නොමැතිව ගොඩවැලි කැණීම් සිදුකරන බවට ප‍්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ රජයේ අනුදැනුම ඇතිව එම වැලි ගොඩදැමීම් සිදුකරන බවට සාක්ෂි පවතින බවයි. මේ හේතුවෙන් වැලි ගොඩ දැමීමෙන් ජීවත්වන ප‍්‍රදේශවාසී ජනතාව දැඩි ලෙස අපහසුතාවයකට පත්වී සිටිනවා. ඊයේ (05) දිනයේදී ප‍්‍රදේශයේ වැලි ගොඩදමන පිරිස් විසින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා විරෝධතාවයක ද නියැලූණා. ප‍්‍රදේශවාසීන් සඳහන් කරන්නේ පොලිසියට මේ පිළිබඳව දැනුම්දුන්න ද කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගන්නා බවයි. කෙසේ වෙතත් ඊයේ දැක්වූ විරෝධතාවය මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැලි ගොඩදමන උපකරණ සහ ලොරි රථ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. බලපත‍්‍ර නොමැතිව වැලිගොඩ දැමීම නිසා  අපහසුතාවයට පත්වූ ප‍්‍රදේශවාසීන් කිහිපදෙනෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට මෙසේ අදහස් දක්වා සිටියා.

 



 

මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය අම්පාර දිස්ත‍්‍රික් ලේකම් එම්.එම්.එස්.කේ. බණ්ඩාර මාපාගෙන් විමසීමක් කළා. දිස්ත‍්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ගල්ඔය ගංදෑල ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කිසිදු පුද්ගලයෙකුට වැලි කැණීම සඳහා බලපත‍්‍ර ලබාදී නොමැති බවයි.

 



මේ අතර ආණමඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මී ඔය සහ ඇතුගල ප‍්‍රදේශවල විශාල වශයෙන් වැලි ජාවාරමක් සිදුවන බැව් ප‍්‍රදේශවාසීන් පවසනවා. එහෙත් එම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තම නිවස ඉදිකිරීම සඳහා ගෙන ආ වැලි තොගය නීති විරෝධී බව පවසමින් පුත්තලම පොලීසිය විසින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ පිළිබඳ වැඩිදුරටත් හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම නිවෙස් හිමියා.

 




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)