ලන්ඩන් ඔලිම්පික් උද්‍යානයේ විසිතුරු.
2012 අගෝස්තු 06 සඳුදා- පස්වරු 07:18
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය යළි සමත් වී සිටිනවා. මේ වන විට චීනය රන් පදක්කම් 31ක් සමග පදක්කම් 62ක් දිනා ඇති අතර, දෙවැනි ස්ථානයේ සිටින ඇමරිකා එක්සත් ජනපදයට හිමිව ඇති රන් පදක්කම් සංඛ්‍යාව 28ක්. කෙසේ වෙතත් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩාංගණයේ වඩාත්ම ප‍්‍රබෝධජනක දිනය වූයේ මීටර් 100 පිරිමි අවසන් මහා තරගය පැවැති ඊයේ (05) දිනයයි. එහිදී ජැමෙයිකාවේ උසේන් බෝල්ට් තමන් ලොව වේගවත්ම මිනිසා බව යළි තහවුරු කළේ නව ඔලිම්පික් වාර්තාවක් ද බිහි කරමින්. මේ අතර, ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ විසිතුරු ක‍්‍රීඩාලෝලී වෙබ් අඩවියක් මගින් ඉදිරිපත් කළේ ඡුායාරූප පෙළහරකින්.
