වැටලීම්වලින් රු. ලක්‍ෂ 600 ක්.
2012 අගෝස්තු 07 අඟහරුවාදා- පස්වරු 06:55
පාරිභෝගික අධිකාරිය මගින් 2012 ජනවාරි මාසයේ සිට ජූලි මස 31 වැනිදා දක්වා සිදුකළ වැටලීම් සංඛ්‍යාව 20000 ක් බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ මෙම වැටලීම් මගින් උපයාගත් දඩ මුදල රුපියල් ලක්ෂ 600 ක් බවයි. වැඩි මිලට භාණ්ඩ විකිණීම, වගකීම් සහතික නිකුත් නොකිරීම පුවත්පත් දැන්වීම්වල මිල ප‍්‍රදර්ශනය නොකිරීම, භාණ්ඩ සඟවාගෙන තබාගැනීම සහ කල් ඉකුත්වූ භාණ්ඩ විකිණීම ආදි වැරදි සම්බන්ධයෙන් මෙම වැටලීම් සිදුකොට තිබෙනවා.
