දේවහුව තවමත් උණුසුම්.
2012 අගෝස්තු 08 බදාදා- පස්වරු 09:22
දේවහුව ජලාශයේ ඉතිරිව තිබෙන ජලය බෙදාගැනීමට නොහැකිව ගොවීන් සහ ධීවරයන් අතර ඇතිවූ මතබේදය තවමත් අවසන්ව නැහැ. තම කුඹුරුවලට ඇල මාර්ගයක් හරහා ජලය ලබාගැනීමට ගොවීන් උත්සාහ දැරීමත් සමගයි ඊට එරෙහිවූ ධීවරයන් විරෝධය පළ කළේ. ධීවරයන් පවසන්නේ තමන් ලක්ෂ ගණනක මිරිදිය මසුන් ජලාශයේ බෝ කර ඇති බවයි. එම නිසා ගොවීන්ට ජලය ඉවත් කිරීමට ඉඩ දිය නොහැකි බව ඔවුන් ප‍්‍රකාශ කරනවා.
මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලීසියටද තවමත් නොහැකි වී ඇති බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු ප‍්‍රකාශ කළේ.
