රුපියල් 30000 කින් වාහන මිල ඉහළට.
2012 අගෝස්තු 09 බ්‍රහස්පතින්දා- පස්වරු 12:49
මාගම්පුර - හම්බන්තොට වරායෙන් වාහන එකලස් කිරීමට සිදුවීම නිසා මෝටර් රථයක මිල රුපියල් තිස්දහසකින් පමණ ඉහළ ගොස් ඇතැයි ශ‍්‍රී ලංකා මෝටර් රථ වෙළඳුන්ගේ සංගමය ප‍්‍රකාශ කළා. එහි සභාපති තිලක් ගුණසේකර හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ හම්බන්තොට සිට වෙනත් ප‍්‍රදේශ සඳහා වාහන රැගෙන යාමේදී දැරීමට සිදුවන අතිරේක වියදම් ඉහළ යාම මීට හේතුව බවයි. මෝටර් රථවලට අමතරව යතුරු පැදියක මිල රුපියල් 15000 ත් 20000 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බව මෝටර් රථ වෙළඳුන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියා.
