විදුලිය කප්පාදුව හෙටත්.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
සපුගස්කන්ද පිරිපහදුව.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-27
විදුලිය කප්පාදුව හෙටත්.
2012 අගෝස්තු 09 බ්‍රහස්පතින්දා- පස්වරු 06:42

පුත්තලම - දළුව, සේතපොල සහ නොරොච්චෝල යන ප‍්‍රදේශයන්ගේ ස්ථාපිත කර ඇති සුළං බලයෙන් කි‍්‍රයාත්මක කෙරෙන විදුලි බලාගාර 03 කින් මෙගා වොට් 30 ක් අද (09) ජාතික පද්ධතියට එක් කෙරුණා. එම අවස්ථාවට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේ ඉදිරියේදී මන්නාරම සහ පුනගරීන් යන ප‍්‍රදේශවලද සුළං උද්‍යාන ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, හෙට (10) දිනයේද උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා අදියර 04 කින් පැය 2 යි විනාඩි 15 ක කාලයක් විදුලිබලය අත්හිටුවන බව විදුලිබල අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. නොරොච්චෝලේ බලාගාරයේ ඊයේ ඇතිවු දෝෂය මෙම තත්ත්වයට හේතුවයි.

හෙට (10) දහවල් 12 න් පසුව ලංකා විදුලිබල මණ්ඩලයේ විධායක නොවන ශ්‍රේණිවල සියලූම වෘත්තීය සමිති වැටුප් වැඩිවීම් ඉල්ලා වෘත්තීය සමිති කි‍්‍රයා මාර්ගයක්ද දියත් කිරීමට නියමිතයි. එය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බව එම වෘත්තීය සමිති සඳහන් කළා.

කෙසේ වෙතත්, අම්පාර ප‍්‍රදේශයේ අද (09) පැවති ජන හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු විදුලි කප්පාදුව  සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා දැඩි විවේචනයට ලක් කළා.




මේ අතර, නොරොච්චෝලේ බලාගාරය නැවත අක‍්‍රිය වීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප‍්‍රශ්න කළා.
 



පවතින වියළි කාලගුණික තත්ත්වයත් සම`ග ජලය සංරක්ෂණය කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. කැබිනට් මණ්ඩලයේ නියෝජිතයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මෙම අධ්‍යයනය සඳහා පත්කර ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් සඳහන් කළා.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)