ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 08 ක මිල පහළට.
2012 අගෝස්තු 09 බ්‍රහස්පතින්දා- පස්වරු 06:45
ලංකා සතොස හරහා අලෙවි කරනු ලබන ආහාර ද්‍රව්‍ය 08 ක මිල ගණන් හෙට (10) සිට අඩුකර ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පවසනවා. මේ අනුව සම්බා, රතු නාඩු, සුදු කැකුළු, නාඩු සහල් වර්ගවල මෙන්ම සුදු සීනි, ටින් මාළු, පරිප්පු, හාල්මැස්සන් යන ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කෙරෙනු ඇති. සුදු සීනි කිලෝග‍්‍රෑමයක් රුපියල් 96 යි ශත 50 කටද, හාල්මැස්සන් රුපියල් 299 කටද, ටින් මාළු රුපියල් 155 කටද අලෙවි කිරීමට නියමිතයි. නාඩු සහල් කිලෝග‍්‍රෑමයක් රුපියල් 55 කට අලෙවි කෙරෙන අතර, පරිප්පු කිලෝග‍්‍රෑමයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 119 කටයි. සම්බා සහල් රුපියල් 65 කට වැඩි මුදලකට අලෙවි කෙරෙන්නේ නැහැ. සුදු කැකුළු සහ රතු නාඩු සහල් රුපියල් 45 කට වැඩි මිලකට අලෙවි නොකෙරෙනු ඇති. අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස මිල ගණන් අඩු කර ඇති බවයි.
