ඉසෙඞ් ලකුණුවලට එරෙහි නඩු විභාගයට අවසර.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
උතුරේ ජන්දය ගැන ආණ්ඩුව තුළ මත ගැටුම්.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-20
ඉසෙඞ් ලකුණුවලට එරෙහි නඩු විභාගයට අවසර.
2012 අගෝස්තු 09 බ්‍රහස්පතින්දා- පස්වරු 06:56

නව ඉසෙඞ් ලකුණුවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරනු ලැබූ පෙත්සම් අද සලකා බලනු ලැබුවා. මෙම අර්බුදය සම්බන්ධයෙන් පෙත්සම් 5 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති අතර ඉන් එක පෙත්සමක් ගාල්ල - මාතර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවල සිසුන් 157 දෙනෙකු විසින් ගොනුකරනු ලැබුවේ පෙරේදා (07) දිනයේයි. කුරුණෑගල, නුවරඑළිය, මහනුවර, මාතලේ, පුත්තලම, ති‍්‍රකුණාමලය සහ රත්නපුර දිස්ත‍්‍රික්කවල සිසුන් 192 දෙනෙකු ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සමක් ගොනුකළා. ඊට අමතරව, පුද්ගලයින් තිදෙනෙකු විසින් ඉසෙඞ් ස්කෝර් අර්බුදය සම්බන්ධයෙන් තවත් පෙත්සම් 3ක් ගොනුකර තිබෙනවා.

මෙම සියලූ පෙත්සම් අද (09) දිනයේ විභාගයට ගත් අතර එහිදී අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කළේ බැලූ බැල්මටම පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩව ඇති බව පෙනී යන බවයි. ඒ අනුව, මෙම පෙත්සම් විභාගයට ති‍්‍රපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද අවසර ලබා දුන්නා. මෙම පෙත්සම් ලබන මස 3 වැනිදා විභාගයට ගැනීමටයි විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවේ. මේ අතර, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් 5 ම විභාග කර අවසන් වනතුරු විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා නොගන්නා බවයි. 

මේ අතර, කොළඹ අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද ඉසෙඞ් ලකුණු සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ කුමන අර්බුද මතුවුව ද, සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි ඉසෙඞ් ස්කෝර් අර්බුදය විසඳීමට රජය කටයුතු කරන බවයි.



ඉසෙඞ් ලකුණු අර්බුදය වහා විසඳන ලෙස ඉල්ලමින් අද (09) කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක් ද පවත්වනු ලැබුවා. එහිදී අදහස් දක්වමින් එම පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් කියා සිටියේ අසාධාරණයට පත් සියලූ සිසුන්ට සාධාරණය ඉටු කළ යුතු බවයි.



මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාර්ලිමේන්තු මාර්ගයේ අද (09) දහවල් විරෝධතාවයක නිරත වුණා. තම ගැටලූ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන මහජන නියෝජිතයන්ගේ අවධානය යොමුකරවීමේ අරමුණින් මෙම විරෝධතාවය සිදුකළ බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කළේ.





Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)