එස්.එල්.පී.එල් සමාරම්භක උත්සවය අද.
2012 අගෝස්තු 10 සිකුරාදා- පෙරවරු 08:06
ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ නිල සමාරම්භක උත්සවය අද (10) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා. මෙරට පැවැත්වෙන පළමු පි‍්‍රමියර් ලීග් තරගාවලිය වන මීට කණ්ඩායම් 7 ක් තරග වදිනු ඇති. තරගාවලිය හෙට සිට අගෝස්තු 31 වැනිදා දක්වා ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේදී සහ පල්ලෙකැලේ ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. ශී‍්‍ර ලංකා පී‍්‍රමියර් ලීග් හෙවත් එස්.එල්.පී.එල්. කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උළෙල පිළිබඳ සුගතදාස ක‍්‍රීඩාංගනයේ සිට ගෙන එන සජිවි විකාශය අද රාති‍්‍ර 09 යේ සිට හිරු ටී.වී. ඔස්සේ නරඹන්න.
