අමීර්ට ගෙවල් 22 ක්.
2012 අගෝස්තු 10 සිකුරාදා- පෙරවරු 10:19
ඉන්දියාවෙ බන්ද්‍රා ප‍්‍රදේශයට පැය 24 ම තරු පායලා. ඒ කිව්වේ සුපිරි බොලිවුඞ් තරු වැඩි දෙනෙක් පදිංචිවෙලා ඉන්නෙ බන්ද්‍රාවල. අමීර් ඛාන්ටත් එහෙ ගෙයක් තියෙනවා. ගෙයක් කිව්වට ඇත්තටම ඒක තට්ටු නිවාසයක්. හැබැයි මේ වගේ තැනක කොටුවෙලා ජීවත්වෙන්න අමීර් එච්චර කැමති නෑලූ. ඒ හින්දා ඔහු උත්තර ප‍්‍රදේශයෙන් ගෙවල් 22 ක් සල්ලි දීලා අරගෙන. ඒ අතරෙ එක ගෙයක් හිටපු ජනප‍්‍රිය චිත‍්‍රපට අධ්‍යක්ෂ නසීර් හුසේන්ගෙ. අනිත් ඒවා අමීර්ගෙ නෑදැයන්ගෙලූ. අඩුම තරමෙ දවසට පැය 5 ක්, 6 ක් නිදහසේ නිදාගන්න බැරිතරම් කාර්යබහුල අමීර් ඛාන්ට ගෙවල් 22 ක් මොකට ද ? කියන එක තමයි ප‍්‍රශ්නෙ.
