රුහුණෙන්, නැගෙනහිරට 135 ක ඉලක්කයක්.
2012 අගෝස්තු 11 සෙනසුරාදා- පස්වරු 07:24
ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේ දැන් පැවැත්වෙනවා. ඒ නැගෙනහිර නාගස් කණ්ඩායම සහ රුහුණු රෝයල්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් රුහුණු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 134 ක් රැස්කළා. ලහිරු තිරිමාන්න ලකුණු 34 යි. පන්දු යැවීමේදී නැගෙනහිර කණ්ඩායමේ ශමින්ද එරංග සහ අජන්ත මෙන්ඩිස් කඩුළු 03 බැගින් බිඳ හෙළුවා. මේ වනවිට ලකුණු 135 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹායන නැගෙනහිර නාගස් කණ්ඩායම පන්දුවාර 05 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටිනවා.
