ඉරානයේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 220 ක් දක්වා ඉහළට.
2012 අගෝස්තු 12 ඉරිදා- පස්වරු 01:27
ඉරානයේ ඊයේ (11) සිදුවූ භූ කම්පන දෙකකින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 220 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට පුද්ගලයින් 1500 ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. වයඹ දිග ඉරානයේ තබ්රීස් සහ අහාර් ප‍්‍රදේශවලට මෙමගින් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට රජය ප‍්‍රකාශ කළා. රික්ටර් පරිමාණයේ 6 දශම 4 ක් ලෙස පළමු භූ කම්පනය සටහන් වූ අතර දෙවැනි භූ කම්පනය සටහන් වී ඇත්තේ 6 දශම 3 ක අගයකින්. විනාඩි දහයක කාලයක් තුළ භූ කම්පන දෙකම සිදුවී ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.
