හදබිම අතිරේක බෝග වගාවට අත ගසයි
2012 අගෝස්තු 12 ඉරිදා- පස්වරු 01:28
අතිරේක ආහාර බෝග වගාව ව්‍යාප්ත කිරීම තුළින් එවැනි ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා දරන වියදම අවම කර ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ හදබිම අධිකාරිය විසින් මෙය කි‍්‍රයාවට නංවනු ඇති. මෙහි පළමු අදියර සඳහා මොණරාගල දිස්ති‍්‍රක්කය තෝරාගෙන ඇති අතර, මෙම ව්‍යාපෘතිය හරහා සෙවනගල සහ තණමල්විල ප‍්‍රදේශවල අක්කර දහසක අතිරේක ආහාර බෝග වගා කිරීමට නියමිත බවයි හදබිම අධිකාරිය ප‍්‍රකාශ කළේ. මේ යටතේ රටකජු, මුං ඇට, කව්පි සහ මිරිස් යන අතිරේක ආහාර බෝග වගා කිරීමට නියමිතයි. ඒ සඳහා දැනටමත් ගොවි පවුල් 1200 ක් තෝරාගෙන ඇති අතර, ඊට වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 37 ක්.
