උපකාරක පන්තිවලට ගිය බාල වයස්කාර පිරිසක් පොලිස් දැලේ.
2012 අගෝස්තු 12 ඉරිදා- පස්වරු 04:16
උපකාරක පන්තිවලට සහභාගි වන මුවාවෙන් දඹුල්ල ප‍්‍රදේශයේ අශෝභන ලෙස හැසිරුණු බාල වයස්කාර දරු දැරියන් 50 දෙනෙකු පමණ අද (12) පොලිස් භාරයට ගෙන තිබෙනවා. දඹුල්ල පොලීසිය විසින් දඹුල්ල රජමහා විහාරය ආශ‍්‍රිත රක්ෂිතයේ සහ දඹුලූඔය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි මෙම පිරිස් පොලිස් භාරයට ගෙන ඇත්තේ. මෙම පිරිස වයස අවුරුදු 14ත්ල 16ත් අතර වන බවයි දඹුල්ල පොලීසිය සඳහන් කළේ. ඔවුන්ට තරයේ අවවාද කොට දෙමාපියන් වෙත භාර දීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
