බාල තෙල් වෙනුවට සංස්ථාවෙන් නව තෙල් ඇනවුමක්.
2012 අගෝස්තු 14 අඟහරුවාදා- පස්වරු 12:53
සිංගප්පූරු විටෝල් සමාගමෙන් මේ මස මුල දී ගෙන්වන ලද ඉන්ධන තොගය ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු දැවි තෙල් සහ පෙට‍්‍රල් මිලදී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව අලූතින් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. රොයිටර් වාර්තාවක් මගින් ප‍්‍රකාශ කර ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාව සල්ෆර් ප‍්‍රතිශතය අඩු දැවි තෙල් බැරල් 30,000ක් සහ පෙට‍්‍රල් බැරල් දෙලක්ෂ 80,000ක් ඇනවුම් කරන බවයි. එම ටෙන්ඩර් පැය 72ක කාලසීමාවකට පසු අද (14) දිනයේ දී විවෘත කිරීමට නියමිතයි. අදාළ ඇනවුම් ලැබෙන සමාගම් මගින් මුතුරාජවෙලට සහ කොළඹ වරායේ ඩොල්ෆින් අංගනයට එම ඉන්ධන ප‍්‍රවාහනය කරනු ඇති. මෙම ඉන්ධන තොගය සඳහා පසුගිය ඇනවුම ලබාදී තිබුණේ අසාදු ලැයිස්තුගත කර තිබූ සිංගප්පුරු විටෝල් සමාගමටයි.
