සිරියාව ඉස්ලාමීය සමුළු සංවිධානයෙන් නෙරපයි.
2012 අගෝස්තු 14 අඟහරුවාදා- පස්වරු 01:31
විපක්ෂ කැරළිකරුවන්ට එරෙහිව දැඩි ප‍්‍රහාරක බලයක් යෙදවීම හේතුවෙන් ජනාධිපති බෂාර් අල් අසාද්ගේ සිරියානු රජය ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයෙන් නෙරපීමට එහි විදේශ අමාත්‍යවරුන් එකඟත්වය පළ කර තිබෙනවා. එම සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව සෞදි අරාබියේ මැකා නුවර දී අද (14) ආරම්භවීමට නියමිතයි. ඊට පෙර ජෙඩා නුවරට රැස්වූ විදේශ අමාත්‍යවරුන් එම තීරණයට එළඹි බව විදෙස් වාර්තා සඳහන් කළා. කෙසේ නමුත් මෙම තීරණය මැකා නුවර පැවැත්වෙන ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවේදී අනුමත විය යුතුයි.
