රජය වේගයෙන් බිඳ වැටෙනවා. හිටපු අගමැති රියාඞ්
2012 අගෝස්තු 14 අඟහරුවාදා- පස්වරු 07:39
සිරියානු රජය වේගයෙන් බිඳ වැටෙමින් පවතින බව සිරියානු හිටපු අගමැති රියාඞ් හිජාබ් පවසනවා. මේ වනවිට රටින් පිටවී ජෝර්දානයේ වෙසෙන හිටපු අගමැතිවරයා අම්මාන් නුවරදී පවසා ඇත්තේ රටේ ඒකීය භාවයක් නොමැති බවයි. මේ වනවිට සිරියානු රජයේ පාලනයට යටත්ව එරට භූමියෙන් සියයට 30ක් වත් නොමැති බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ දේශපාලන සමීපතමයා ලෙස සැළකෙන බවු කයිනා ෂබාන් මේ වනවිට චීනයේ සංචාරයක නිරතවනවා. සිරියාව සම්බන්ධයෙන් කොෆී අන්නන් ඉදිරිපත් කළ සාම සැළැස්ම පිලිබඳ සාකච්ඡා කිරීමටයි ඔහු චීන විදේශ අමාත්‍යවරයා හමුවී ඇත්තේ.
