සංචාරකයින්ගේ ඉහළ යාමක්.
2012 අගෝස්තු 16 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:46
දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පසුගිය ජූලි මාසයේදී සියයට 7 දශම 8 කින් වර්ධනය වී තිබෙනවා. ජනවාරි සිට ජූලි දක්වා කාලය සැළකූ විට එම වර්ධනය සියයට 16 දශම 7 ක් වන අතර එලෙස පැමිණි මුළු සංචාරකයන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ හතළිස් තුන්දහස් දෙසිය පහක්. ජූලි මාසයේ සංචාරක ආගමනය සැළකූ විට ඉන්දියාව ඇතුලූ දකුණු ආසියාතික රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 9 දශම 7 කින් පහළ යාම විශේෂත්වයක්. බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව සියයට 22 කින් ඉහළ ගොස් තිබෙනවා.
