වෘත්තීය උපදේශකවරුන් 174 ක් පත්වීම් ලබයි.
2012 අගෝස්තු 16 බ්‍රහස්පතින්දා- පස්වරු 01:14
මෙරට රැකියා අර්බුදයට මූලික විසඳුමක් වන්නේ වෘත්තීය පුහුණු අධ්‍යාපනය වැඩිදියුණු කිරීම බව එම ක්‍ෂේත‍්‍රයේ විද්වතුන්ගේ අදහසයි. එමෙන්ම මෙරටට වැඩිම විදේශීය විනිමය ප‍්‍රමාණයක් හිමිවන්නේද පුහුණු වෘත්තිකයන්ගේ විදෙස් සේවය මගින්. දෙස් විදෙස් රැකියා අවස්ථා සඳහා වෘත්තිකයන් පුහුණු කිරීම සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණුකිරීමේ දෙපාර්තමේන්තුව අඛණ්ඩව කටයුතු කරනවා. ඒ සඳහා නව වෘත්තීය උපදේශකවරුන් පිරිසක් ඊයේ (15) බඳවා ගනු ලැබුවා. ඒ පිළිබඳව පැහැදිළි කරන කාර්මික අධ්‍යාපන හා පුහුණුකිරීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් චිත‍්‍රාල් අඹවත්ත.
