සිරියානු අර්බුදය ලෙබනනයටත් පැතිරෙන ලකුණු.
2012 අගෝස්තු 16 බ්‍රහස්පතින්දා- පස්වරු 01:15
සිරියානු අර්බුදය අසල්වාසී ලෙබනනයටද පැතිරීමේ ලකුණු පහළවීමත් සමග එහි සිටින සිය රටවැසියන් ඉවත් කරගැනීමට අරාබිකරයේ රටවල් 4 ක් තීරණය කර තිබෙනවා. මෙලෙස ලෙබනනයෙන් සිය වැසියන් ඉවත්කරගනු ලබන්නේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය සහ කුවේටයයි. ලෙබනනයේ බලගතු ෂියා මුස්ලිම් කල්ලි විසින් එහි සුන්නි මුස්ලිම්වරුන් පැහැරගැනීමේ සිද්ධීන් රැසක් පසුගිය කාලය තුළ වාර්තා වුණා. සිරියාවේ දමස්කස් නුවරදී ආණ්ඩු විරෝධී කැරළිකරුවන් විසින් ෂියා මුස්ලිම්වරුන් පැහැරගැනීමට ප‍්‍රතිචාරයක් ලෙස මෙම පැහැරගැනීම් සිදුවන බව සඳහන්. මේ අතර මැකා නුවරට රැස්වූ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ රටවල් සිරියාව එම සංවිධානයෙන් නෙරපා හැරීමට තීරණය කළා. අරාබි ලීගය විසින්ද පසුගිය නොවැම්බරයේදී නෙරපා හරිනු ලැබූ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ සිරියානු රජය මේ නිසා තවදුරටත් කොන්වනු ඇතැයි විදෙස් විචාරකයන් පෙන්වා දෙනවා.
