බි‍්‍රතාන්‍යය විකිලීක්ස් නිර්මාතෘවරයා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක.
2012 අගෝස්තු 16 බ්‍රහස්පතින්දා- පස්වරු 01:23
ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ ලබමින් සිටින විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම සඳහා බි‍්‍රතාන්‍ය බලධාරීන් උත්සාහයක නිරතවන බව වාර්තාවනවා. පසුගිය ජුනි මාසයේ සිට අසාන්ජ් ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ ලබා සිටින්නේ තමා අත්අඩංගුවට ගෙන ස්වීඩනය වෙත පිටුවහල් කිරීම වැළැක්වීමටයි. 41 හැවිරිදි අසාන්ජ්ට පහරදීමේ සහ ස්ත‍්‍රී දූෂණ චෝදනා ස්වීඩනය විසින් එල්ල කරන අතර එම චෝදනා දේශපාලනමය හේතූන් මත ගෙතූ ඒවා බව ජූලියන් අසාන්ජ් පවසනවා. අසාන්ජ් ට ඉක්වදෝරය වෙත යාමට ඉඩකඩ සැළසීම බි‍්‍රතාන්‍යයේ වගකීමක් බව ඉක්වදෝර තානාපති කාර්යාලය සඳහන් කළා. එහෙත් බි‍්‍රතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය සඳහන් කළේ ඔවුන්ගේ තානාපති වරප‍්‍රසාද අවලංගු කිරීමට සිදුවිය හැකි බවයි.
