මව, පියා සහ දියණියගේ මළ සිරුරු වැල්ලවත්තේ නිවසක.
2012 අගෝස්තු 18 සෙනසුරාදා- පස්වරු 06:42
වැල්ලවත්ත - රාමකි‍්‍රෂ්ණ ටෙරස් ප‍්‍රදේශයේ නිවසක තිබී එකම පවුලේ මව, පියා සහ දියණියගේ බවට සැක කෙරෙන මළ සිරුරු 03 ක් පොලිසිය අද (18) දහවල් සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කළේ මොවුන් මීට දින කිහිපයකට පෙර මරණයට පත්ව ඇති බවයි. මියගිය මව, පියා සහ දියණිය හැටන් - කොටගල ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් බවද හඳුනාගෙන තිබෙනවා. මියගිය මවගේ වයස අවුරුදු 58 ක් වන අතර, පියාගේ වයස අවුරුදු 60 ක්. දියණියගේ වයස අවුරුදු 23 ක් වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා. මෙම පිරිස තාවකාලික පදිංචිය සඳහා වැල්ලවත්තට කැඳවාගෙන පැමිණ ඇත්තේ එම පවුලේ පුත‍්‍රයා විසින් බවට තොරතුරු ඇතැයි හැටන් හිරු වාර්තාකරු සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වැල්ලවත්ත පොලිස් ස්ථානයට මෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියා.
මේ අතර, කහවත්ත - කොටකෙතන ප‍්‍රදේශයේ මව සහ දියණියගේ ද්විත්ව ඝාතනය සිදුවී අදට මාසයක් ගතවනවා. පසුගිය ජුලි 19 වැනිදා සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. එදින ඝාතනය කර තිබුණේ වයස අවුරුදු 63 ක් වන මව සහ 32 හැවිරිදි දියණියක්. අනතුරුව ඔවුන් ජීවත් වූ නිවසටද ඝාතකයන් ගිනි තැබුවා. ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය අද (18) රත්නපුර කහවත්ත නගරයේදී විරෝධතාවක් සංවිධාන කර තිබුණා. එහිදී අදහස් දැක්වු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රනි තලතා අතුකෝරාල කියා සිටියේ සිද්ධියට සම්බන්ධ ඝාතකයන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු සම්පාදනය කිරීම ආණ්ඩුවේ වගකීමක් බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ පිළිබඳවද හිරු ප‍්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළා.
