නාවික හමුදාවට තවත් ජයක්.
2012 අගෝස්තු 18 සෙනසුරාදා- පස්වරු 08:03
එෆ්.ඒ. කුසාලන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වුණා. ඒ යුද හමුදාව සහ නාවික හමුදාව අතරයි. තරගයේ දෙවන අර්ධය වනවිට කණ්ඩායම් දෙකම ගෝල 1 ට 1 ක් ලෙස තරගය සමකළා. අනතුරුව දඬුවම් පහර 4 ට 3 ක් ලෙස තරගය ජයගත්තේ නාවික හමුදා කණ්ඩායමයි. ඔවුන් එෆ්.ඒ. කුසාලන පාපන්දු ශූරතාව දිනාගත් දෙවන අවස්ථාව මෙයයි. මේ අතර, අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ මහනුවර සහ හැව්ලොක් කී‍්‍රඩා සමාජ අතර අද පැවති තරගය ලකුණු 29 ට 19 ක් ලෙස හැව්ලොක් කී‍්‍රඩකයන් ජයග‍්‍රහණය කළා.
