උසස් පෙළ ඇගයීම් ගැන රහසක් හෙළිවේ.
2012 අගෝස්තු 19 ඉරිදා- පෙරවරු 07:02
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම සඳහා සහභාගී නොවන නිසා වෙනත් ක‍්‍රමයක් යොදාගෙන එම කටයුතු සම්පූර්ණ කිරීමට අධ්‍යාපන බලධාරීන් සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි සරසවි ආචාර්යවරුන් ප‍්‍රකාශ කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එවැනි අයථා ක‍්‍රම මගින් උසස් පෙළ ප‍්‍රශ්නපත‍්‍ර පරීක්ෂා කිරීම ගැටළු රැසක් මතුකරන බවයි. එම තත්ත්වය පිළිබඳව ඔහු මෙලෙස හිරු ප‍්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වුණා.
