මානව හිමිකම් නිරීක්ෂකයන්ගේ පැමිණීමට බාධාවක් නැහැ.
2012 අගෝස්තු 19 ඉරිදා- පෙරවරු 07:10
ජගත් මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමක් ශී‍්‍ර ලංකාවට පැමිණීම පිළිබඳව ලක් රජයේ විරුද්ධත්වයක් තවමත් ප‍්‍රකාශ කර නැතැයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඔවුන් පැමිණෙන දින වකවානු පිළිබඳවද මෙතෙක් නිසි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි. ඒ පිළිබඳ දැනුවත් කිරීමෙන් පසු ඉදිරි කටයුතු ගැන සලකා බලන බව එම ප‍්‍රකාශකයා තවදුරටත් සඳහන් කළා. ජීනිවා මානව හිමිකම් කොමිසමේදී ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාව සම්මතවීමෙන් අනතුරුවයි මෙවැනි නිරීක්ෂණ කණ්ඩායමක් දිවයිනට එවීමට ජගත් මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලේ සූදානම් වන්නේ.
