රාමසාන් අදයි.
2012 අගෝස්තු 19 ඉරිදා- පෙරවරු 07:22
ඉස්ලාම් බැතිමතුන් අද (19) රාමසාන් උත්සවය සමරනවා. ඊයේ ඔවුන් නව සඳ නිරීක්ෂණය කළ අතර, ඉස්ලාම් චාරිත‍්‍ර අනුව සව්වාල් මාසයේ රාමසාන් සඳ දැකීමෙන් අනතුරුවයි මෙලෙස රාමසාන් උත්සවය අද සැමරෙන්නේ. ඒ පිළිබඳව සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාව මාතෘ භූමිය කරගත් සියලූ ජනතාවට අද සමගියෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය වී ඇති බවයි. අද දිනය ශ‍්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා මුස්ලිම් ප‍්‍රජාව සතුවූ දායකත්වය සිහිපත් කෙරෙන අවස්ථාවක් බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
රටේ සාමය සහ සහජීවනය නිර්මාණය වී ඇති මොහොතක ඉස්ලාම් බැතිමතුන්ටද විශාල වගකීමක් පැවරී ඇතැයි අග‍්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න සිය රාමසාන් පණිවුඩයෙන් සඳහන් කරනවා. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ අද දිනය මෛතී‍්‍රය, කරුණාව, සහෝදරත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමටද ඉවහල් වන දිනයක් බවයි.
