ජපාන ජාතිකවාදීන් මතබේදකාරී දිවයින් පෙළට පැමිණේ.
2012 අගෝස්තු 19 ඉරිදා- පෙරවරු 09:59
චීනය සහ ජපානය අතර මෙන්ම නැගෙනහිර ආසියානු රටවල් කිහිපයක් අතර අයිතිය පිළිබඳ මතබේදයක් හටගෙන ඇති නැගෙනහිර චීන මුහුදේ පිහිටි සෙන්කකු දිවයින් පෙළට ජපාන ජාතිකවාදීන් පිරිසක් දැන් පැමිණ සිටිනවා. ජපානය විසින් මෙම දිවයින් පෙළ පාලනය කළද චීනය සහ තායිවානයද ඊට අයිතිවාසිකම් කියන්නේ බොහෝ කලක සිටයි. දිවයින් පෙළ ආසන්නයේ ඉන්ධන සංචිත පැවතීම නිසා මෙලෙස ඒ සඳහා අයිතිවාසිකම් කීමට බොහෝ රටවල් පෙළඹීමට හේතුවයි. ජපාන ජාතිකවාදීන් පිරිස යාත‍්‍රා පෙළකින් දිවයින් පෙළ ආසන්නයට පැමිණ ඉන් දස දෙනෙකු පිහිනා සෙන්කකු දිවයින් වෙත පැමිණි බව සඳහන්. චීනය ප‍්‍රකාශ කරන්නේ දිවයින් පෙළ සම්බන්ධයෙන් ජපානයේ ඒකපාක්ශික ක‍්‍රියාමාර්ගවලට දැඩි ප‍්‍රචාරයක් දක්වන බවයි.
