ගුවන් හමුදා භටයෙකුගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි.
2012 අගෝස්තු 19 ඉරිදා- පස්වරු 01:35
අම්පාර ගුවන් හමුදා කඳවුරට ජලය සපයන පොම්පාගාරයේ ළිඳක තිබී ගුවන් හමුදා භටයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. මෙලෙස ජීවිතක්‍ෂයට පත්වී ඇත්තේ අලව්ව ප‍්‍රදේශයේ වයස අවුරුදු 22 ක තරුණයෙක්. ඔහු මාස 2 කට පෙර හමුදා සේවයට පැමිණි අතර පසුගිය 17වැනි දින සිට රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටියදී අතුරුදන් වී තිබෙනවා. ඊයේ දිනයේ නාවික හමුදා යොදා අදාළ ජල පොම්පාගාරයේ ළිඳ පරීක්ෂා කළද ඔහු පිළිබඳව තොරතුරක් ලැබී නැහැ. කෙසේ වෙතත් අද අලූයම මෙම තරුණයාගේ මළ සිරුර ජල පොම්පාගාරයේ ළිඳ තුළ තිබී හමුවී තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අම්පාර පොලීසිය සිදුකරනවා.
