රන්බීර් වෙන කෙනෙක් අල්ලගෙන.
2012 අගෝස්තු 20 සඳුදා- පෙරවරු 08:24
රන්බීර් කපුරුයි දීපිකා ආපහු එකතු වෙයි කියලා පසුගිය දවස්වල හැමෝම හිතුවා. ඔබටත් එහෙම හිතන නම් ඒ අදහස අත් ඇරගන්න. මොකද රන්බීර්ට දැන් වෙන පෙම්වතියක් ඉන්නවා. ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් දෙතුන් දෙනෙක් එක්ක වෙළඳ දැන්වීමක් රූගත කරන්න රන්බීර් ගිය සතියේ දිල්ලි ගියා. එහෙදි ඔහු නතරවෙලා හිටියේ තරු පහේ හෝටලයක. දවසක් පාන්දර යාේම රන්බීර් ගෑණු ළමයෙක්ව සිප ගන්නව හෝටලේ හිටපු ගොඩක් අය දැකලා. රන්බීර් කපූර්ගේ හිත දිනාගත්ත මේ නාඳුනන ගෑණු ළමයා කවුද කියලා අපිත් ටිකක් හොයලා බැලූවා. ඇෙඟ් නාම රොශ්නි කපූර්. ඇය මුම්බායේ ඉන්න ධනවත්ම ව්‍යාපාරිකයෙක්ගේ දුවෙක්ලූ. හැබැයි ඉතින් රන්බීර්ගේ මේ ආදර කතාවක් කී දවසක් තියෙයිද දන්නෑ. ?
