නකල්ස් ගින්න මැදකැලේ ගම්මානයට පැතිරයන ලකුණු.
2012 අගෝස්තු 20 සඳුදා- පෙරවරු 11:03
නකල්ස් රක්ෂිතයේ නැගෙනහිර බෑවුමේ පිහිටි යහන්ගල කඳුවැටියේ හටගෙන ගෙන තිබෙන ගින්න මේ වනවිට මැදකැලේ ගම්මානය දක්වා ව්‍යාප්ත වෙමින් පවතින බව අප වාර්තාකරු පවසනවා. මේ වනවිටත් එම ගම්මානයට ආසන්නයේ තිබෙන වගා බිමකට සහ තෘණ භූමියකට ගින්න පැතිර යන බවයි වාර්තාවන්නේ. ඊයේ (19) දිනයේ හටගත් මෙම ගින්න මේ වනතුරුත් මැඩ පැවැත්වීමට හැකියාව ලැබී නැහැ. අප වාර්තාකරු කියා සිටියේ ගින්නෙන් අක්කර 50 කට ආසන්න ප‍්‍රමාණයක් විනාශ වී ඇති බවයි. ගින්න නිවාදැමීම සඳහා ගුවන් හමුදාවේ සහය ලබාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. එහෙත් ප‍්‍රදේශයේ පවතින දැඩි සුළං තත්ත්වය ගින්න මැඩපැවැත්වීමට බාධාවක් වී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.
