දයාසිරි විනය කමිටුව හමුවට.
2012 අගෝස්තු 20 සඳුදා- පස්වරු 06:19
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරට පක්ෂ විනය කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මන්ත‍්‍රීවරයා සඳහන් කළේ මේ මස 29 වැනිදා පස්වරු 3ට විනය කමිටුව හමුවේ පෙනී සිටින ලෙස පක්ෂයේ විනය කමිටුව තමාට ලිඛිතව දැනුම් දී ඇති බවයි. පසුගිය දා පක්ෂයේ ප‍්‍රධාන තනතුරු තෝරා ගැනීම සඳහා පැවැති ඡුන්ද විමසීම සම්බන්ධයෙන් කරනු ලැබූ විවේචන ඇතුළු චෝදනා 8ක් සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස මන්ත‍්‍රීවරයා වෙත යවා ඇති ලිපියේ දැක්වෙනවා. මේ අතර, දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා පසුගිය දින කිහිපය තුළ සිදුකළ ප‍්‍රකාශ සම්බන්ධයෙන් පක්ෂ මහලේකම්වරයා විසින් මේ වන විට විනය කමිටුව වෙත වාර්තාවක් යොමු කර තිබෙනවා. පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ විසින් පක්ෂ මහලේකම්වරයාට ලබාදුන් උපදෙස් මතයි එම වාර්තාව ඉදිරිපත් කළේ. ඔහු සිදුකළ ප‍්‍රකාශ මගින් පළාත් සභා මැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරයට, පක්ෂ සමගියට සහ පක්ෂයේ ඇතැම් පුද්ගලයින්ගේ කීර්ති නාමයට හානි වන බවට පක්ෂ නායකත්වය වෙත ලැබුණු පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගනිමිනුයි විපක්ෂ නායකවරයා විසින් ඒ පිළිබද වාර්තාවක් විනය කමිටුව වෙත ලබාදෙන ලෙස උපදෙස් ලබා දී ඇත්තේ. මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය එක්සත් ජාතික පක්ෂ විනය කමිටුවේ සාමාජිකයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ විනය කමිටු සභාපති ජනාධිපති නීතිඥ තිලක් මාරපන දිවයිනට පැමිණීමෙන් අනතුරුව මෙම වාර්තාව පිළිබදව විනය කමිටුව තීරණයක් ගැනීමට නියමිත බවයි.
