අඩසිය වසකට පසු මියන්මාරයට මාධ්‍ය නිදහස.
2012 අගෝස්තු 20 සඳුදා- පස්වරු 06:31
මියන්මාරයේ මාධ්‍ය සඳහා පැවති වාරණය වසර 48කට පසු ඉවත් කර තිබෙනවා. අද (20) දහවල් සිට එරට තොරතුරු අමාත්‍යාංශය විසින් මෙලෙස මාධ්‍ය සඳහා පැවැති වාරණය ඉවත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 1964 අගෝස්තු මස 06 වැනිදා මියන්මාර මාධ්‍ය සඳහා එවකට පැවැති මිලිටරි ජුන්ටාව විසින් වාරණයක් පනවනු ලැබුවා. මේ අනුව එරට කි‍්‍රයාත්මක වෙබ් අඩවි 30,000කට සහ පුවත්පත් 300කට ඔවුන්ගේ කටයුතු නිදහසේ කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනමාධ්‍යවේදීන් සඳහන් කළේ මෙය මියන්මාරයේ ජනමාධ්‍ය සදහා කරනු ලැබූ වඩා වැදගත් සේවයක් බවයි.
