වැල්ලවත්තේ දී මිය ගිය අයගේ ශරීර කොටස් රස පරීක්ෂකට.
2012 අගෝස්තු 20 සඳුදා- පස්වරු 06:38
වැල්ලවත්ත - රාමකි‍්‍රෂ්ණ ටෙරස්හි පිහිටි නිවසක තිබී සොයා ගත් එකම පවුලේ මව, පියා සහ දියණියගේ මෘත ශරීරවල ආමාශගත කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඉන් අනතුරුව මෙම මරණවලට හේතුව රස පරීක්ෂක වාර්තාවෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. මිය ගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (20) කොළඹ මෘත ශරීරාගාරයේ දී ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර ඇතුළු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් ඉදිරියේ දී සිදුකෙරුණා. මොවුන්ගේ මළ සිරුරු අදාළ නිවසේ තිබී සොයා ගනු ලැබුවේ පෙරේදා දහවල් කාලයේදීයි. මෙම මළ සිරුරු පවුලේ ඥාතීන් වෙත භාර දී තිබෙනවා. මොවුන්ගේ පුත‍්‍රයා දැනට අතුරුදන්ව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවත්ත පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය එක්ව තවදුරටත් පරීක්ෂණ කි‍්‍රයාත්මක කෙරෙනු ඇති. මේ අතර, සැකකරුට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හරහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.
