රංගල දී පලා ගිය කාන්තා රැදවියන් ගැන පොලිස් පරීක්ෂණ.
2012 අගෝස්තු 21 අඟහරුවාදා- පෙරවරු 07:22
රංගල ‘ජීවන කන්ද’ ළමා නිවාසයේ සිටි කාන්තා ළමා රැදවියන් 4 දෙනෙකු ඉන් පළා ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පසුගිය 18 වැනිදා පළා ගිය මෙම සිසුවියන් පිළිබදව පොලීසිය මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි. අධිකරණ නියෝග මත පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය මත රදවා සිටින මෙම කාන්තා ළමා රැදවියන් පාලිකාවට නොදන්වා පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මොවුන් අවුරුදු 13, 15 සහ 18 යන වයස් කාණ්ඩවල පසුවනවා. මෙම ළමා රැදවියන් නාවලපිටිය, වත්තේරුම සහ මහවෙල ප‍්‍රදේශවල පදිංචිකරුවන්.
