ෂාහිද් - බිපාෂා ආදර කථාවට තටු ඇවිත්.
2012 අගෝස්තු 23 බ්‍රහස්පතින්දා- පෙරවරු 09:08
ගොඩක් ආදර කථා පටන් ගන්නේ යාළුකමින්. ෂාහිද් කපුර් සහ බිපාෂා බාසු අතරත් මේ වෙන්න යන්නේ ඒ වගේ දෙයක්. මේ දෙන්නා යාළුයි කියාල කටකතාවක් පැතිරුනානේ. දැන් ඒ කථාවට අත්තටු ලැබිලා. පසුගිය දවස්වල නිතර නිතර හම්බ වුණා. සාහිද් බිපාෂා එක්ක හදිසියේම නගරෙන් ගොඩක් ඈතට ගිහින්. ඒකට හේතුව තාම කවුරුත් දන්නෑ. ඒ වගේම ෂාහිද් ඔහුට හම්බවුණ අලූත්ම ඇක්ෂන් චිත‍්‍රපටියට බිපාෂාවත් ගන්න කියලා යෝජනා කරලාලූ. ඒවා එහෙම වුණත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා තමා පිළිගන්නේ නම් නෑ.
