ටෙම්බින් චණ්ඩ මාරුතය තායිවානයට.
2012 අගෝස්තු 24 සිකුරාදා- පෙරවරු 10:32
තායිවාන දකුණු දිවයිනේ විශාල කැළඹීමක් ඇති කරමින් ටෙම්බින් චන්ඩ මාරුතය අද (24) එහි ළඟා වුණා. සුළි සුළඟින් එහි ගස් ඉදිරී, නිවෙස්වල වහල ගැලවී ගොස් මාර්ග අවහිර වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. නායයාම් අවදානම සහිත ප‍්‍රදේශ තායිවාන පොලිසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කර තිබෙනවා. තායිවානයේ වෙරළාසන්න කඳුකර ප‍්‍රදේශවලින් 5000 ක් පමණ ජනයා ආරක්ෂිත ප‍්‍රදේශ වෙත ඉවත් කර ගනු ලැබුයේ සුළි සුළඟ පැමිණීමට පෙරයි. 2009 වසරේ තායිවානයට බලපෑ මොරකොට් සුළි සුළඟින් පුද්ගලයන් 600 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වුණා. ඉන් වැඩි පිරිසක් අනතුරට ලක්වූයේ තායිවාන දකුණු දිවයිනේ ඇති වූ නායයාම්වලින්.
