ඔලූවිල් වරාය අවසන් අදියරේ.
2012 අගෝස්තු 26 ඉරිදා- පෙරවරු 07:39
ඔලූවිල් වරායේ අවසන් ඉදිකිරීම් කඩිනම් කර ඇතැයි වරාය සහ මහා මාර්ග අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ව්‍යාපෘතිය සඳහා දැනට වැය කර ඇති මුදල රුපියල් මිලියන හත්දහසක්. 2008 වසරේ ජූනි 20 වැනිදා එහි ඉදිකිරීම් ආරම්භ වුණා. වෙළඳ වරායක් මෙන්ම ධීවර වරායක් ලෙසද යොදාගත හැකි පරිදි එය ඉදිවන අතර මෙටි‍්‍රක් ටොන් 5000 වෙළඳ නැව් මෙහෙයුම් සිදුකිරීමට සහ ධීවර යාත‍්‍රා 250 ක් රඳවා තැබීමට හැකි අයුරිනුයි වරාය ඉදිවන්නේ. නුදුරේදීම එහි ඉදිකිරීම් අවසන් කිරීමට හැකිවනු ඇතැයි වරාය සහ මහාමාර්ග අමාත්‍යාංශය විශ්වාසය පළ කරනවා.
