රුහුණට ජය.
2012 අගෝස්තු 26 ඉරිදා- පෙරවරු 07:59
ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි සහ රුහුණු රෝයල්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟය කඩුලූ 4 කින් ජයගැනීමට රුහුණු කණ්ඩායම සමත් වුණා. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බස්නාහිර කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 123 ක් රැස් කළා. රුහුණු කණ්ඩායම එම ඉලක්කය පසුකර ගියේ කඩුලූ 6 ක් දැවී පන්දු වාර 16 යි පන්දු 4 කට පමණක් මුහුණ දෙමින්. මේ අතර ඊයේ දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ අනෙක් තරඟය වන කඳුරට කණ්ඩායම සහ ඌව කණ්ඩායම අතර තරඟය අයහපත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට හැකිවූයේ නැහැ.
