ඇමරිකාවට හදිසි තත්ත්වයක්.
2012 අගෝස්තු 28 අඟහරුවාදා- පෙරවරු 08:21
අයිසැක් සුළි කුණාටුව ඇමරිකාවට කඩා වැදීමට ආසන්න වද්දී වෙරළාසන්න ලූවිසියානා ප‍්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. මෙහි නිව් ඕලීන්ස් ප‍්‍රදේශයට අද (28) රාත‍්‍රියේ සුළි කුණාටුව ළගා වනු ඇතැයි අපේක්ෂිතයි. නිව් ඕලීන්ස් ප‍්‍රදේශයට විශාල හානියක් සිදුකළ කැත්රීනා ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව පැමිණියේ මීට සත් වසරකට පෙරයි. සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකානු ජනාධිපතිවරණයේ සිය ප‍්‍රචාරක කටයුතු පමා කිරීමට රිපබ්ලිකන් පක්ෂයට සිදුවී තිබෙනවා. ඔවුන්ගේ පක්ෂයේ ජාතික සම්මේලනය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ සුළි කුණාටුව පැමිණෙන ප්ලොරීඩා ප‍්‍රාන්තයේ දී වීම ඊට හේතුවයි. පැයට කිලෝමීටර් 160ක වේගයෙන් පැමිණෙන අයිසැක් සුළි කුණාටුව දැනටමත් කැරිබියානු දිවයින්වලට හානි සිදුකර තිබෙනවා.
